රත්නපුරේ නායයෑමේ අවදානම් ස්ථාන 1500 ක්: අධි අවදානම් නිවාස 1200 ක්
රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානම් සහිත ස්ථාන 1500 කට ආසන්න
ප්‍රමාණයක්
හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ඉන් ස්ථාන 700 ක් පමණ පරික්ෂා කර ඇති බව ය.

නිවාස 1200 ක් පමණ අධි අවදානම් තත්ත්වයේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ, ස්වයංක්‍රීය වර්ෂාමාන 110ක් මගින් අවදානම් කලාප නිරීක්ෂණය කරන බව ද ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේය.