ඒකාබද්ධ විපක්ෂය කළු පටි පැළඳ පොස්ටර් අල්ලා
සමෘද්ධි කැපීමේ ගාලගෝට්ටියකින් පසු 
පාර්ලිමේන්තුව ටිකකට නතරවේ

අද පෙරවරුවේ පාල්රිමේන්තුව රැස්වීමෙන් පසු මන්ත්‍රී ප්‍රශ්න විමසීමේ අවස්ථාවේදී එකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ලංකාවේ විවිධ  ප්‍රදේශවල මේ දිනවල සමෘද්ධි සහනාධාර ලාභින් ඉවත්කරමින් ලැයිස්තු වෙනස්කරගෙන යන බවට චෝදනාවක් කළේය.
ඊට අදාළ සංඛාලේඛනද ගෙනහැර දැක්වූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධ ඉක්මන් විසඳුමක් අපේක්ෂා කළේය. දිනේෂ්ගේ කතාව අතරතුර
විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් ගෙලවටා කළු පටි පැළඳගත් අතර එම කතාව අවසන් කරන විට කල් ඇතව ෂූදානම් කළ පෝස්ටර්ද අතට ගනු පෙනිණි.
අද දින අදාළ ඇමතිවරයාවූ එස්බී දිසානායක පාර්ලිමේන්තුවට
නොපැමිනි නිසා මෙම ගැටලුවට උත්තර දෙන්නට ඊළඟ පාර්ලිමේන්තු සතිය දක්වා කල් ඉල්ලන බව ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති ගයන්ත අනතුරුව සඳහන් කළ පසුව සභාව උනුසුම් විය. ඇමති එස්බී එනතුරු තවදුරටත් සමෘද්ධි ලාභින්ගේ නම් කැපෙන බැවින් එය නිසි උත්තරයක් නොවන බව මන්ත්‍රී දිනේෂ් කියා සිටි අතර එයට මන්ත්‍රී අනුර කුමාරද එකඟතාව පළකළේය.
එජාපය හැටියට තමා මෙම කප්පාදුවට විරුද්ධ බව අජිත් පී පෙරේරා ඇමතිවරයාද දන්වා සිටියේය.
මෙම අවස්තාවේ ඇතිවූ උණුසුම් තත්වය නිසා පාර්ලිමේන්තුව තවදුරටත් කරගෙන යාම අසීරුවූ අතර අද සවස බැඳුම්කර විවාදය මගහරින්නට මේ දේවල් කරන බව ආණ්ඩු පක්ෂය විපක්ෂයට චෝදනා කරන ලදි. අද ටීවී එකේ මේවා පෙන්නන්නෑ. මේක සූදානම් කළ නාඩගමක් ලෙසද ඇමති ගයන්ත චෝදනා කරන ලදි. ඇමති එස්බීට දුරකථනයෙන් අමතා ගැටලුව සාකච්ඡා කර පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවට දන්වා පාර්ලිමේන්තුවේ වැඩ අතරමග නතර කරන්නට ඒ අනුව කතානායක කරු ජයසූරිය පියවර ගත්තේය.
ඉන් මිනිත්තු 15 කින් පමණ සභාව යළි රැස්වූ අතර එහිදී දන්වා සිටියේ එස්බී දිසානායක ඇමතිවරයා හෙට පාර්ලිමේන්තුවේදී මේ ගැන දන්වා සිටින බවයි.
අදාළ වීඩියෝව පහතින්