කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට එක්වීමට පැමිණි බැතිමතුන් දෙදෙනෙකු පුද්ගලික බස් රියකට යටවී
ජිවිතක්ෂයට

පත්වූ බව ඊයේ වාර්තා විය.
මෙම සිදුවීමට අදාළ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණ හා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව රියදුරුගේ බීමත් කම නිසා ඇතිවූ නොසැලකිල්ල නිසා මෙම මරණ ිසදුවූ බව තහවුරුවී තිබේ.
බස්රථය අසළ බිම නිදාගෙන සිටි දෙදෙනෙකු බස් රථය පසු පසට ධාවනය කිරීම හේතුවෙන් යටවී මෙම අවාසනාවන්ත මරණ වාර්තා විය.
කිලිනොච්චියේ පදිංචි වෙල්සන් විදූ (18) හා අසන් ගරන් (41) නැමැති පුද්ගලයන් දෙදෙනෙකු මෙහිදී මිය ගියහ.