රවීට එරෙහි විශ්වාස භංගයට
- මහින්ද චමල්ගේ අත්සන් නෑ
- බන්දුලට 3 අංකය වරදී


විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාට විශ්වාසභංග යෝජනාවක්‌ භාරදී ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ තුන්දෙනකු මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව ද එකී අත්සන්
ඊයේ පෙරවරුවේ ලබාගත්තේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාගේ පුතුගේ විවාහ මංගල්‍ය අවස්‌ථාවේදී බවද වාර්තා විය.
බන්දුල ගුණවර්ධනට අංක මාරුවී 3 අංක 2 ක් සටහන් කර අත්සන යෙදීම නිසා 33 වෙනුවට 32 ක් ලෙස එකතුව සටහන්වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චමල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් කර නැතැයිද වාර්තාවේ.
එය හිතාමතාමගහැරීමක් බවත් හිටපු ජනපතිවරයා මෙම යෝජනාවට අකමැතිව තිබෙන බවත් වෙබ් අඩවි වාර්තා පළව තිබේ.
ඉපැයූ ආකාරය හෙළිදරව් නොකර ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 1450 ක්‌ (එක්‌දහස්‌ හාරසිය පනහක්‌) මුදලක්‌ පෞද්ගලික සේප්පුවක තබාගෙන පසුව නිවසක්‌ මිලදී ගැනීමට ගෙවීම් කිරීමෙන් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම මෙම විශ්වාසභංග යෝජනාවේ රවි කරුණානායක මහතාට එරෙහි එක්‌ චෝදනාවකි.

2016 වසරේදීත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකු විසින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද නමුත් පාර්ලිමේන්තුවේ දී එය පරාජයට පත්විය.