රසායන විද්‍යා ප්‍රශ්න අත්පත්‍රිකා ටියුෂන් ගුරා අතුරුදන්
පියා සහ සොයුරා අත්අඩංගුවට


පෙරේදා පවත්වන්නට යෙදුණ උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් තමන් කල්ඇතිව සම්මන්ත්‍රණයකදී දුන් බව කියමින් නම දුරකථන අංක පංති පවත්වන ස්ථාන සහිතව ප්‍රචාරක පත්‍රිකාවක් සකස් කර විභාගය අවසන් වන අවස්ථාවේ ගම්පහ සිසුදැරියන් වෙත බෙදාහරින ලද ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයා සිද්ධියෙන් පසු අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.
විභාග ප්‍රශ්න කලින් පිටකිරීම ගැන සැකය මෙන්ම විභාග අවසන් වන වෙලාවක
අත්පත්‍රිකා බෙදීමේ වරද

සිදුකිරීම නිසා විභාග දෙපාර්තමෙන්තුවේ පැමිණිලි මත රහස් පොලිසිය මගින් ඔහුව සොයන්නට වූ අතර ඒබව දැනගෙන ඔහු දුරකථන අංකද ක්‍රියා විරහිත කරගෙන අතුරුදන්ව ඇත.
පත්‍රිකාවේ සඳහන් කර තිබුණ ආකාරයට විභාග ප්‍රශ්න පිටකරන ලද කිසිදු සම්මන්ත්‍රණයක් ගම්පහ ප්‍රදේශයේ පවත්වා නැතැයිද මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. ඔහු ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන්නට පෙර ප්‍රචාරණ උපායක් ලෙස මෙම ප්‍රශ්න විභාගය වෙලාවේම සොයාගෙන ඒවා තමන් පිට කළ බව දක්වමින් සිසුන් නොමගයවා වාසි ගන්නට තැත්කර ඇති බව හඳුනාගෙන තිබේ.
පත්‍රිකාවේ දක්වා තිබපුණ ඔහුගේ දුරකථන අංකය ලියාපදිංචි කර තිබෙන ලිපිනය ඔස්සේ ඔහු පදිංචිව සිටින කඳාන පදලංගල ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙත ගිය පොලිසියට ඔහුගේ පියා සහ සොයුරා හමුවී ඇති අතර ඔවුන් මෙම පත්‍රිකා බෙදීම සිදු කරන්නට හවුල්වී ඇති බවට ඇතිවූ ආරංචි මත මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර හෙට(22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය මෙතැනින්