සංචාරක ඉන්දීය පිල සමග එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ
ලකුණු  53 කින් ජයගන්නට ඉන්දියාව සමත් වුණා.

ඉන්දියාව මුල් ඉනිමේදී කඩුලූ 09 කට ලකුණු 622 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා
ලබාගත්තේ ලකුණු 183 ක් පමණයි.
ඉනිමක පරාජයෙන් ගැලවීමට දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙන දැවී ලබා
ගත හැකි වුයේ ලකුණු 386ක් පමණයි.
ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමේදී කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න ශතක රැස් කළත් ඉන්දියාවට දෙවන ඉනිම තරග කරන්නට වන ලකුනු සීමාව තෙක්වත් ලකුණු රැස් කරන්නට බැරිව ගියා.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 05ක් දවා ගැනීමට ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක  රවින්ද්‍ර ජඩේජා
සමත් වූ අතර හර්දික් පාන්ඩයා සහ රවිචන්ද්‍රන් අශ්වින් අතර  කඩුලු 02 බැගින් බෙදී ගියා.
 රවින්ද්‍ර ජඩේජා දෙවන ටෙස්ට් තරඟයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.
ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ පරාජය සමග පිට පිට දෙවැනි පරාජයේ කටුක අත්දැකීම ලංකාවට විඳගන්නට සිදුවුණා.