පළාත් පාලන මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා
යන මහත්වරුන්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියළුම අංශවල නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් රජය මෙම තීරණයට එළැඹ තිබේ.
ඒ අනුව මහ නගර සභා 23 ක, නගර සභා 41 ක සහ ප්‍රදේශීිය සභා 271 ක යනාදී පළාත් පාලන ආයතන 335 ක මැතිවරණය  පැවැත්වීමට නියමිත අතර කොට්ඨාශ ක්‍රමය යටතේ ප්‍රථම වතාවට මෙම මැතිවරණය පැවැත්වේ.මෙවර අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඊට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කටයුතු මෙහෙයවෙන අතර එක්සත් ජාතික පක්ෂයේ දවෛනි පෙළ නායකත්වයට බලය පවරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වන බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි