හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන නාමල්, යෝෂිත යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
දිසානායක මහතා පවසයි.

ඔවුන් විසින් එලෙස ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

මහජනයාගේ මුදල් මෙලෙස අවභාවිතා කරන පුද්ගලයින් රට වෙනුවෙන් වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් එමෙන්ම අධිකරණයෙන් ඔවුන් දඬුවම් නොලැබුවත් ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් දිය හැකි බවත් රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.