මං දේශපාලනේ නොකරන නිසයි
පවුල හොඳින් තියෙන්නෙ

අභ්‍යාවකාශගාමියෙක් වෙන්න ආසාව තිබ්බට
රෝහිත වෛද්‍යවරයෙක් වෙන්නයි ඉගෙන ගන්නෙ

-ශිරන්ති 2012 කියූ හැටි

හිටපු ජනපති බිරිය ශිරන්ති වික‍්‍රමසිංහ පුවත්පත්වල සම්මුඛ සාකච්ඡා සඳහා එක්වන්නේ කලාතුරකිනි. මින් වසර 5 කට පෙර මහින්ද බලයේ සිටි 2012 වසරේ රිවිර පුවත්පතට ඇය ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවේදී එතෙක් රටට හෙළි කර නොතිබුණ කරුණු කිහිපයක් ඇය අනාවරණය කර තිබුණි.
බදුල්ල ගම්පළාත කරගත් ශිරන්තිගේ පියා නාවිකා හමුදා නිලධාරියෙකි.ඇයට සොයුරන් දෙදෙනෙකු
සිටී. බම්බලපිටියේ HFC යෙන් අධ්‍යාපනය ලැබූ ඇය

හොකී නෙට් බෝල් හා ටෙනිස් ක‍්‍රීඩාවන් සිදු කර තිබෙන බවත් පාසල් ගමන නිමවී මොන්ටිසෝරි උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කළ ඇය ඒ කාලයේ ලක් රූ රැජිණ බවටද පත් වු අයුරුත් එහිදී විස්තර විය.
මහින්ද රාජපක්ෂ එකල නීතිඥයෙකු ලෙස සිටි සමයේ විවාහ යෝජනාවක් මත ඔහුට කැමති වූ බවත් තමන්ගේ ගළපන්නට අමාරු කේන්දරයට ඔහුගේ කේන්ද්‍රය හොඳින් ගැළපුණ බවත් ඇය පවසා තිබුණි.
ඇය කාල්ටන් පෙර පාසලේ උගන්වද්දී දරුවන් පාසල් යැවූ හැටිත් මහින්ද රාජපක්ෂ සිරගතව සිටි අවදියේදී දුෂ්කර කාලයකට මුහුණදුන් හැටිත් ඇය කියා තිබෙයි.
දරුවන්ට

අනවශ්‍ය ලෙස තරවටු නොකිරීම නිසා ඔවුන් තමාත් සැමියාත් සමග ඉතා සමීපයෙන් කටයුතු කරන බවද ඇය පෙන්වා දෙන අතර තම පවුල් ජීවිතයේ සාර්ථකත්වයට තමා දේශපාලනයට නොයාම හේතුවී තිබෙන බවද ඇය කියනවා.
දරුවන් තිදෙනා ගැන මෙම සාකච්ඡාවේදී ඇයගෙන් අසා තිබෙන ප‍්‍රශ්න කිහිපයක් හා ඒවාට ඇය ලබාදී තිබූ පිළිතුරු මෙසේය.


ලොකු පුතා පුංචි කාලෙ ඉඳන්ම දේශපාලනයට එන්න ආස කළාද?
එයා කතා කරන්න ගිහාම පොඩි කාලෙ ඉඳන් හරියට තර්ක දානව..සමහර වෙලාවට මටත් තරහ යනව. එතකොට අපේ අම්මා කියනව ඔය ළමය කවදහරි නීතිඥයෙක් වෙන ලකුණු තමයි ඔය කියල. අන්තිමේදි අම්මගෙ අනාවැකිය හරියටම හරි ගියා. පුතා පොඩි කාලෙ ඉඳන්  ඕනම දේකට හරස් ප‍්‍රශ්න ගොඩක් අහනව.එයාගෙ දේශපාලන හැකියාවල් නම් මට පෙනුනෙ නෑ.

යුද්ධයේ ඉතාම තීරණාත්මක අවදියෙදි තමයි දෙවැනි පුතා යෝෂිත නාවික හමුදාවට බැඳෙන්නෙ’ඒ තීරණයට මුහුණ දුන්නෙ කොහොමද?
මම බොහොම සතුටින් ඒ අවස්ථාවට මුහුණ දුන්නා.මගේ තාත්තත් නාවික හමුදාපතිවරයෙක් නිසා මට ඒක අමුත්තක් හෝ බයක් දැනුනේ නෑ.කොහොමත් මම දරුවන්ගෙ කැමැත්තට ඉඩ දෙනව.නැත්නම් සතුට නැති වෙනව.

තුන්වෙනි පුතා රෝහිත දැන් මොකද කරන්නෙ?
එයා එංගලන්තයෙ වෛද්‍ය උපාධිය හදාරණවා.වෛද්‍ය වරයෙක් වෙන්නයි එයාගෙ අරමුණ. ඒකට අමතරව අභ්‍යවකාශ විද්‍යාඥයෙකුවීමේ ආසාවකුත් එයාට තියනව.ඒ වෙනුවෙනුත් එයා වෙනමම ඉගෙන ගන්නව.

නරක වයස නිසා ආදර සම්බන්ධකම් එහෙමත් ඇති?
අපට ඒවට බලපෑම් කරන්න බෑ.අපි පොඩි කාලෙ වගේ නෙමෙයි දැන් ළමයි හරිම වෙනස්.ඒ ගොල්ලො දැනගන්න  ඕන හරියට ගැලපෙන කෙනෙක් තෝරගන්න.ඊට පස්සෙ අපේ කැමැත්ත දෙනව.එහෙම නැතිව අපි එයාලට බල කරන්න නම් යන්නෙ නෑ.

මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව කියවන්න මෙතැනින්