ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගය ඊයේ (12) පැවති අවස්ථාවේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය අවසන් ජාත්‍යන්තර තරගයේදී ඇද
වැටී පිටියෙන්

ඉවත් වුණා.අවසන් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වේදී  බෝල්ට් මීටර් 60 ක් පමණ ධාවනයේ යෙදී සිටියදී පාදයේ ආබාධයකට ලක්වූ අතර පසුව ඇද වැටුනි. ඔහු පිටියෙන් ඉවතට ගෙනගියේ රෝද පුටුවක ආධාරයෙනි.
 එම ඉසව්ව දිනාගත්තේ මහ බ්‍රිතාන්‍යයි.
මෙවර මීටර් 100 අවසන් තරගයේ දී ද බෝල්ට්ට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.
උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන්
පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයා වන අතර දැනටත් ලෝක වාර්තා හා ඔලිම්පික් වාර්තා රැසක උරුමකම ඇති ඔහු ලෝක ඉතිහාසයේ වේගවත්ම මිනිසා ලෙස අභිසෙස් දරා ඇත.