විද්‍යා ඝාතන නඩුවේ විනිසුරු ඉලක්ක කර
යාපනයේ වෙඩි තැබීමක්

පොලිස් නිලධාරියෙකුට තුවාල
  

අද පස්වරු 5 .30ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.
විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කරන ඉලන්චේලියන් මහතා ඔහුගේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර
ඔහු ගමන් කළ වාහනයට ආරක්ෂාව සපයමින්

සිටි යතුරු පැදියේ ගමන් කළ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.එම නිලධාරියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීමට පැමිණි අය යතුරු පැදියකින් පැමිණ තිබෙන අතර පිට පිට වෙඩි 11 ක් තැබූ ඔහු වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව පළා ගොස් තිබේ.
වෙඩි තැබීමට භාවිත කළ පිස්තෝලය හා අතහැරදමාගිය යතුරු පැදිය පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන අරඹා ඇත.
විද්‍යා සිසුවිය සමූහ දුෂණය හා ඝාතනය ස්විට්සර්ලන්තය මූලිකව ක්‍රියාත්මක ලිංගික වීඩියෝ වෙළෙඳාමක කොටස් කරුවන් විසින් සිදු කළ බවට පසුගියදා හෙළිදරව් වූ අතර එයට සම්බන්ධ පුද්ගලයින් අල්ලාගත් පසු ඔවුන් නිදහස් කිරීමට විදෙස් මුදල් කෝටි ගණන් වැය කර අල්ලස් ලබාදීමේ උත්සාහයන්ද වාර්තාවී තිබුණි.
එම අල්ලස් වලට යට නොවුණ මහාධිකරණය මේ දිනවල අදාළ නඩුව සාධාරණ ලෙස විසඳමින් පවතින අතර ප්‍රබල පුද්ගලයින් රැසකට මේ නිසා කරදර වන්නට සිදුව තිබේ.
සිද්ධියට අදාළ නිවුස් ෆර්ස්ට් වාර්තාව පහතින්