SLBC දෙමළ සේවයේ 
ආගමික අන්තවාදී වැඩසටහනක් ගැන පරීක්ෂණ


ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් 102.1FM සංඛ්‍යාතය ඔස්සේ පවත්වාගෙන යන දෙමළ නාලිකාවේ පෙරවරුවේ සහ පස්වරුවේ පැය දෙක බැගින් ඉස්ලාම් අන්තවාදී වැඩසටහන්
විසුරුවා හරින බව

තොරතුරු ලැබී ඇති බවත්
ඉස්ලාම් ආගම අදහන දරුවන්ට එමඟින් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් උපදෙස් දෙන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තාවී තිබේ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඇමැති මංගල සමරවීර දැනුම් දී ඇත.
රජයේ හා පෞද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය මගින් විසුරුවා හරින ආගමික අන්තවාදී වැඩසටහන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා ලබාගැනීමට මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන බවට වාර්තා වේ.