මාධ්‍ය ප්‍රකාශක කියූ
'අහක යන කේස් එකක්' නෙමේ 
- නල්ලූර් වෙඩික්කරුගෙ ටාගට් එක වුනේ මාව

පසුගියදා යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් විනිසුරු ඉලන්චෙලියන් ගමන් කරමින් සිටි වාහනය අසළදී එල්ලවූ ප්‍රහාරය සම්බන්ධ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ අදහස් නිවැරදි නොවන බවට
 ඉඟි කරන පැහැදිලි කිරීමක් ඊයේ

විනිසුරු ඉලන්චෙලියන් මාධ්‍ය වෙත ලබාදී තිබේ. ඔහු පවසන්නේ මෙය අහකයන පටලැවිල්ලක් නොවූ බවත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූයේ තමා බවත්ය. තවමත් නඩුවක් පවතින නිසා වැඩිදුර මේ ගැන හෙළි කරන්නට බැරිබව කියමින් විනිසුරු වරයා ඒ ගැන මෙසේ කියා තිබුණි.

"පොලිස් ප්‍රකාශකයාගේ හඬ කියන්නේ රාජ්‍යයේ හඬ. රාජ්‍යයේ හඬ කියන්නේ ආණ්ඩුවේ හඬ. ඔහු
වගකීම් සහගත විය යුතුයි. නමුත් ඔහු සිද්ධියට අදාළව ප්‍රකාශ මාධ්‍යයට ඉදිරිපත් කළේ වගකීම්
විරහිතව. මහාධිකරණ විනිසුරුවයෙක් විදිහට ඒ ගැන මම අදහස් දක්වන්න කැමති නැහැ. මේ සිද්ධියේ ප්‍රධාන වින්දිතයා සහ ඇසින් දුටු සාක්ෂි අනුව පෙනී යනවා ඉලක්කය වු‍ණේ විනිසුරුවරයා කියලා. මේ පොලිස් නිලධාරීන් දෙදෙනා උපරිමයෙන් උත්සාහ කළා මාව ආරක්ෂා කරන්න. මේක අධිකරණ කටයුත්තක් නිසා කාටවත් බැහැ මේ පරීක්ෂණවලට අතපොවන්න. කවුරුහරි අතපොවනවානම් ඒ කියන්නේ අධිකරණයට අපහාස කරනවා කියන එකයි"