ඉන්දියාවේ මුම්බායි නගරයේ Ghatkopar ජනාකීර්ණ ප්‍රදේශයෙහි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්

පුද්ගලයින් 04දෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.මියගිය අය අතර මාස 3 ක බිළිඳෙකුද සිටී.

පුද්ගලයන් 30 දෙනෙකු පමණ එහි සිරවී සිටින අතර ඒ අය අතරින් මේවන විට පුද්ගලයන් නව දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිව ඇත.
මහල් හතරකින් යුත් නිවාස සංකීර්ණයක් මෙසේ කඩා වැටී ඇත. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි සැලකිය යුතු පිරිසක් සිට ඇති අතර මුළු ගණන තවම ගණන් බලා අවසන්ව නැත.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් කෑගසන හඩ පවා ඇසෙන බව ඉන්දීය වාර්තා සදහන් කර ඇත. මෙම ගොඩනැගිල්ලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබේ. එහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසක් ද සිරවී සිටින පිරිසට අයත් බව සදහන් වේ.