කවුද වහන් ඉන්නෙ ගේට්ටු අරින්න....
හමුදාව බැරිනම් ඕන එකෙක් ආවත්
එක බවුසරයක් පිට යන්න දෙන්නෙ නෑ..


ඊයේ රාත්‍රී කොලොන්නාව නිමාවේදී ඇතිවූ ඛණිජ තෙල් සේවකයින් හා හමුදාව අතර ගැටුම උණුසුම් මුහුණුවරක් ගත්තා.
මුලදී ගේට්ටු වසාගෙන ඊට හමුදාවට ඇතුළුවන්නට සේවකයින් ඉඩ නොදුන් නමුත් අායුධ සන්නද්ධ හමුදා බල ඇණිය හමුවේ
ඔවුන්ට කරකියාගන්නට දෙයක් නැතිව ඒවා විවර කරදෙන්නට සිදුවුණා.
පසුව හමුදාව සමග පිරිසක් ගැටුම්කාරී
ආකාරයට

ආවේගයෙන් හැසිරුණ නමුත් මිනිත්තු කිහිපයකදී ඔවුන් පසුබෑවා.
අනතුරුව සටන මෙහෙයවූ වෘත්තිය සමිති නායකයින් මාධ්‍ය වෙත කෑකෝගසමින් ප්‍රකාශ නිකුත් කළ අතර කියා සිටියේ මෙතැනින් එක බවුසරයක් පිටට යන්නට ඉඩ නොතබන බවයි.

වාර්තාවන ආකාරයට මේ වනවිට බවුසර් ගණනාවක් හමුදාව මගින් පිටත් කර ඇත.ඒ අතරම ඇතැම් බවුසර වල ටයර්වල හුළං ඇරීම බවුසර පිටතට ගැනීමට බැරිවන ලෙස අවහිරවන ලෙස මගඇවිරීම වැනි සිදුවීම්ද වාර්තාවී තිබේ.
රාත්‍රී සිද්ධියේ දෙරණ වීඩියෝව පහතින්