ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස වන අයුරින් අන්තර්ජාලය තුළ ඡායාරූප පළකළ කණ්ඩායමක්
නීතියේ රැහැනට හසුකිරීම සදහා
ඉන්දීය පොලිසිය ඊයේ කටයුතු කළා. ඒඅයිබී නමින් හඳුන්වන ඉන්දියාවේ ප්‍රකට විනෝදාස්වාද කන්ඩායමක් වන ඔවුන් මෝදිගේ රුව විවිධ පුද්ගලයින්ට ඉතා සාර්ථක ලෙස බද්ධ කර ඡායාරූප නිර්මාණයට සමත් අය වන අතර ඊයේ ඔවුන් දුම්රිය ස්ථානයක ගමේ යන්නට ඉන්නා පුද්ගලයකුගේ රුවකට මෝදිව බද්ධ කර ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ස්නැප් චැට් සමාජ ජාලාව තුළ ඩොග් නමැති ෆිල්ටරය උපයෝගයෙන් මෙම ඡායාරූපය නිර්මාණය කර ඇති බව පොලිසිය සොයාගෙන තිබේ. කෙසේ වෙතත් මේ ගැන පොලිසිය පියවර ගැනීමත් සමග එම කන්ඩායම සිය පෝස්ටු මකා දමා ඇත.
ඉන්දියාවේ සම්මතව තිබෙන තොරතුරු තාක්ෂණ නීති විධිවිධාන අනුව මෙවැනි විකෘති කිරීමක් වෙනුවෙන් ලක්ෂ 5 ක දඩයක් හා මාස 3 ක සිර දඩුවමක් ලබාදිය හැකිය.