එක්සත්
ජනතා නිදහස්
සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්ව රජයේ තනතුරු දරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි සති දෙකේදී සිය තනතුරුවලින් ඉවත් වන බවත්
 ඒ අනුව ඉදිරි සති දෙකක වැනි කාලයකදී ආණ්ඩුව කඩාවැටීම අනිවාර්ය බවත්
 ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ වනවිට ආණ්ඩුව අර්බුද ගණනාවකට මැදි වී සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා  ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ රූකඩ බවට පත්ව ඇති බවද කිසිදු වගකීම් සහගත අමාත්‍යංශයක් ලබාදී නොමැති බවද එම නිසා සියලු එජනිස මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන ලෙසට ආරාධනා කරන බවද අලහප්පෙරුම මහතා ඉල්ලා ඇත.
ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන් ඉතා සතුටින් පිළිගැනීමට තමන් ඇතුළු පිරිස සූදානම් බව ඔහු පවසයි.