ඇමති දයාසිරි 
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් ගැන වාර්තාවක් කැඳවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන
ලෙස ක‍්‍රිඩා අමාත්‍යංශය

ක‍්‍රිකට් ආයතනයට ලිපියකින් දන්වා ඇත.මහේල සංගා මැතිව්ස් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් 20 දෙනෙකුට පමණ එකම කළමනාකරු ලෙස පෙනී සිටින චාර්ලි ඔස්ටින් සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ඇතිවූ කථාබහත් ක‍්‍රීඩකයින් හරහා ජාතික කණ්ඩායමේ තීරණ වලට ඔහුගෙන් වන බලපෑම ගැන මතුවූ කරුණුත් එයට හේතුව වී තිබේ.
ඇමති දයාසිරි ක්‍රීඩා ඇමති ලෙස වැඩභාරගත් දිනවලත් බීබීසිය අමතා මෙම  කළමනාකරුවන් නිසා ප්‍රශ්න ඇති බව දන්වා තිබූ අතර සිම්බාබ්වේ සමග පැවති දෙවන එක්දින තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන් තරගයට පෙරාතුව එම තරගයෙන් ඉවත් කිරීමේ උත්සහයක නිරත වූ කළමනාකරුවෙකු සිටීම නිසා මෙම කළමනාකරුවන්ගේ ගැටලුව මෑතක කරළියට ආවේය.