චන්න බිරිය හා දරුවා අතැර
නිවසේ වෙනම සිටීම ටෙලියට

ටෙලිනාට්‍ය ශිල්පී චන්න පෙරේරා සම්බන්ධයෙන් මින් වසර කිහිපයකට ඉහත පැතිර ගිය ආරංචියක් වූයේ ඔහුගේ පවුලේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වයක් නිසා ඔහු නිවසේම වෙනම ජීවිතයක් ගත කරන කථාවකි. ඒ දිනවල පුවත්පත් මගින්ද ඔහුගෙන් එම ගැටලුව විමසා තිබුණ අතර
ඔහු ඒවා ප්‍රතික්ෂේප කරමින් උත්තර දුන්නේය.

කෙසේ නමුත් පසුව ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහුගේ බිරිය කාලයක් ළංවී සිටි අයෙකු පමණක් බවට ඔහු ප්‍රකාශයක් නිකුත් කළ පසුව බිරිය ගයාත්‍රිද ඒ ගැන පුවත්පත්වලට උත්තර දුන්නාය.
මෙම අර්බුදකාරී තත්වයට සමාන ටෙලි නාට්‍යයක මේ දිනවල චන්න රඟපායි. රතු අහස නමින් ස්වර්ණවාහිනියේ විකාශය වන එම ටෙලි නාට්‍යයේ චන්න සමග හිමාලි සිරිවර්ධන රඟපායි. ඊයේ විකාශය වූ කථාංගයේ චන්න රඟපෑ ජවනිකාවක් පහතින්.
එහිදී බිරිය හා දියනිය කාමරයේ සිටියදී චන්න සෙටියක නිදාගන්නට ගිය අවස්තාවක කලකිරීමෙන් කථාකරන දෙබසක් අඩංගුය.ටෙලිනාටකයේ කතාවට අනුව බිරියගේ අනියම් ඇසුරක් එයට හේතුවී තිබේ.