තේජා මොකද මේ හිටපු ගමන් ලංකාවේ... හිටපු ගමන් පිටරට?
ඔව්... ඒ ඉතින් මගේ රැකියාවත් එක්කනේ. මම ගුවන්සේවිකාවක් විදිහට සේවය කරනවා. ඉතින්... නිවාඩු ලැබුණු ගමන් මම ලංකාවට එනවා.



හිතෙන්නේ නැද්ද දැන් රටවල් දෙකක හිටියා ඇති පවුල් ජීවිතේ වෙනුවෙන් තේජාගේ වෘත්තීය කැප කරලා දිගටම ලංකාවෙම ඉන්න
අපේ තිබුණු ගේ අපි විකුණුවා. අපි ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන්නේ. ඒක ඉවරවුණාම බොහෝ වෙලාවට මම මගේ වෘත්තියෙන් සමුගනිවී. අපි දෙන්නගේ ඊළඟ හීනය තමයි අපි දෙන්නගේ හිතේ ඇඳුණු ගේ පොඩ්ඩක් ඉක්මනට හදලා ඒකේ පදිංචි වෙන්න. 

තේජා ලංකාවට ආවට පස්සෙ වැඩිපුරම කරන්නේ මොනවද?
ඒ දවස් පහේදී අපි අපේ ගේ අස්පස් කරගන්නවා. එතකොට ගෙදරට ඕන කරන බඩු එහෙම දෙන්නා ගිහින් අඩුපාඩු බලලා අරගෙන එනවා. කොහොමටත් නිවාඩු දවස්වල දෙන්නම කැමැති ගෙදර වෙලා ඉන්න තමයි. ඒ වගේ වෙලාවට අපි හොඳ ෆිල්ම් එකක් එහෙම බලනවා. අපි දෙන්නට රස්සාවත් එක්ක එහෙ මෙහේ ඇවිදින නිසා නිවාඩු පාඩුවේ ඇවිදින්න යන්නනම් කැමති නෑ.

එතකොට අමිලට උයන පිහින වැඩ කරන්නේ කවුද?
අපිට උදව්වට කෙනෙක් හිටියා. මේ දවස්වල ඒ මනුස්සයත් නෑ... ඉතින් අමිලගේ අම්මා ඇවිල්ලත් අමිල ගැන හොයලා බලනවා. සමහර දවස්වලටනම් අමිල ඔව් කඩවල්වලින් එහෙම කාලත් තියෙනවා. මේ දවස් ටිකේ නම් මම බඩු එහෙම ගෙනත් කෑම හදලා දෙනවා.

Text – Dishani  (courtesy by - deshaya.lk)