සමාජ ජාලා වලට කුණුහරුපයක් වූ
‘Disce Aut Discede’ රෝයල් මොටෝ එක

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙන ‘අම්මට ඩිස්කේ‘ යනුවෙන් ඇමති දයාසිරි පළ කළ බව කියන කතා කොටසක් විවිධ අරුත් වලට යොදා ගනු දක්නට ලැබේ.
පසුගිය සතියේ දයාසිරි ජයසේකර ඇමතිවරයා සහභාගී වූ උත්සවයකදී කොළයක ලියා තිබුණ දෙයක් කියවමින් සිදු කළ කතාවකදී මෙම නුහුරු වචන පේලිය කියවා තිබුණි.
දයාසිරිගේ ඉංග්‍රීසි කතාව තුළට මෙම වචන ආවේ ඔහුට එය ලියාදුන් ලේකම්වරයාගේ අදහසක් අනුව වියහැකි වුවත් දයාසිරිද එය කියැවුයේ අමාරුවෙනි. ‘මොනවද බං මූ කියවන්නෙ.. ‘ලෙසින්
විවේචනය

කරමින් සමාජ ජාලා වලට එම වීඩියෝ කොටසද ඇතුළවී ප්‍රචාරය වී තිබුනි.
 ලතින් බසින් ප්‍රකට කියමනක් වූ ‘Disce Aut Discede’ යන්නෙහි අරුත ‘උගනිව් නැතිනම් පිටවෙව්‘ යන්නයි. මෙම අර්ථය ඇති කියමන ලංකාව තුළ වඩාත් ප්‍රකට වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් තේමා පාඨය (මොටෝ එක) ලෙසද එය භාවිත වන නිසාය.

1835 කොලම්බු ඇකඩමි ලෙස ඉංග්‍රීසි ජාතිකයින් අරඹන ලද කොළඹ රාජකීය විද්‍යාලයේ 1871-8 කාලයේ විදුහල්පති ධූරය දැරූ ටොඩ් නමැති දරදඩු විදුහල්පතිවරයා ‘උගනිව් නැතිනම් පිටවෙව්‘ යන තේමා පාඨය යොදාගනිමින් සිසුන් පාලනය සිදු කළ බවට වාර්තා තිබේ. පසු කාලීනව විද්‍යාලයේ මොටෝ එක බවට එය පත්ව තිබේ.
සිසුන්ට පාසල් අධ්‍යාපනය වෙත මනස සෘජුව යොමු කිරීම හා විනය සුරකීම සම්බන්ධයෙන් මෙම කියමන අනුව වැඩ කිරීම වැදගත්වූ බවද විද්‍යාලයීය ඉතිහාස සටහන්වල ලියා තිබේ.
දයාසිරි ජයසේකර අපැහැදිලි ලෙස උච්ඡාරණය කළ එම ලතින් පාඨයෙහි සැබෑ අරුත එයයි.
සමාජ ජාලා වල පැතිරුණ එම වීඩියෝව පහතින්