ඛණිජ තෙල් වෘත්තිය සමිති සඳුදා(24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර
ඇත.තෙල් ටැංකි විකුණා දැමීම
නවතා දමන ලෙස ඉල්ලීම් කළද ඊට ප්‍රතිචාර නොදක්වන නිසා
 මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කර තිබේ.
වර්ජන කාලය තුළ තෙල් බෙදා හැරීම සිදු නොකරන අතර අඟහරුවාදා (25) දිනයේදී විසඳුම් නොලැබුණ හොත් තෙල් ගොඩ බෑමද නවතා දමන බව ඔවුන් දන්වා ඇත.

 මේ අතර පසුගියදා සුදුවෑන් රථයකින් තම සගයෙකු පැහැරගැනීමට විරේදය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25දා) උදේ 8.00 සිට පැය 24ක වෛද්‍ය වැඩවර්ජනයක් සිදුකරන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ළමා, කාන්තා, පිළිකා රෝහල්වල හැර අනෙකුත් රෝහල් තුළ මෙම වැඩවර්ජනය සිදුවන බවත්, මීට අමතරව ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා හදිසි සේවා පවත්වා ගෙන යෑම සිදුවන බවද සහකාර ලේකම්වරයා පැවසීය.