යාපනයේ විද්‍යා අපයෝජනය කර ඇත්තේ
මුදල් උපයන සමූහ දූෂණ නිල් වීඩියෝවකට


මින් වසර දෙකකට ඉහත 2015 යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය එකල විශාල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.
ඒ කාලයේ ඒ ගැන පළවූ වාර්තා වලින් කියැවුනේ මියගිය විද්‍යාගේ මව සමග කථාබහක් නිසා අමනාපවූ ඥාතියෙකු තවත් පිරිසක් යොදවා දියණිය සමූහ දූෂණයට ලක්කර පලිගැනීමක් සිදු කළ කථාවකි.
නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ කරමින් සිදු කෙරෙන නඩු විභාගයේදී මෙම සමූහ දූෂණය හා ඝාතනය සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මට්ටමින් සිදුවන නිල් වීඩියෝ
නිර්මාණයක් සඳහා බවට අධිකරණයේදී ඊයේ කරුණු හෙළි කර තිබුණි.
එම වීඩියෝ කොටස් ස්විට්සර්ලන්තයේ අලෙවි කර ඇති බවටද සොයාගෙන තිබේ.
අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් ගැන කරුනු අනාවරණය වූ බවත්  දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට  කර ඒවායේ දර්ශන පටිගත කර   අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ මේ ගැන හෙළි කළේය.
මෙම අපරාධය සිදු කරන ලද පිරිස් අල්ලාගත් පසු ඔවුන් නිදහස් කරගැනීමට ජාත්‍යන්තර මුදල් අතයටින් හුවමාරුවූයේ කෙසේද යන්න සොයා බැලීමේදී මේ කරුණු වඩාත් තහවුරුවී තිබේ.
අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක් ලබාදී

විමර්ශන යට ගැසීමේ වෑයමක් තිබුණු බවත් ලිවේරා මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවි පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින්  අධි චෝදනා ගොනු කර තිබිණි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරුණු දක්වමින් මෙසේද කීවේය.

ලක් ඉතිහාසයේ ප්‍රථම වරට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත් වන්නේ.  සැලසුම් සහගතව  පැහැරගෙන ගොස්, අපයෝජනය   කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණයි.

මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුනා.  සිසුවිය   අපයෝජනය කිරීම වීඩියෝ  කර ජාත්‍යන්තර වෙළඳපොළට  විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්‍රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට

විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා.
දකුණු ආසියා  රටවල  දැරියන් හා තරුණියන් ලිංගික අප යෝජනයට  කර  ඒවා වීඩියෝ  කරමින් අධික මිළකට අලෙවි කරනවා.
මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සහා දරා තිබෙනවා.
 මෙම ඝාතනයේ 2‍, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය   කර තිබෙනවා.   05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා. අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහාය ව්‍යාර්ථ වුනා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුනා.

ඝාතනයේ 2‍, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණයට  කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය  කර  තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා.

මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවෙන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා.‘