Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

දැනට උසාවියේ වරෙන්තු ලබා සැඟවී සිටින බවට ආරංචි පැතිරෙන බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි දිවයින ඉරිදා පුවත්පතට සැඟව සිටි ස්ථානයේ සිට එවූ බව කියන ලිපිය අද දින පළ කර තිබේ.එය පහත පරිදිය
---------------------------------

අන්තවාදයේ බෞද්ධ විරෝධි සැබෑ ස්‌වරූපය දකින්න

බොදුබල සේනාවේ උපතෙහි බෑඟිරිය තමතමන්ගේ ලෝකවල කොස්‌ කොළ තොප්පි දමා ගෙන සිටි පිරිසකගේ බරපතළ අප්‍රසාදයට හේතු වී ඇති බව පැහැදිලිය. එය ඔවුනට මරණාසන්න වූ විටෙක ඇතැම් මිනිසුන් දකිනවා යෑයි ගැමියන් විශ්වාස කරන "මරුවිකාර සිහිනයක්‌" තරමටම භයංකර වී ඇත. සමහරුන්ගේ හීනමානය, ජාතික ව්‍යාපාරයේ පරවේණිය සින්නක්‌කරවම තම නමට ලියා ගන්නා තරමටම වර්ධනය වී ඇත. ජාතික ව්‍යාපාරය හෝ සිංහල ජාතිය හෝ පොදුවේ ශ්‍රී ලාංකික ජාතිය බටහිරට ගැති නොවන ක්‍රමවේදයකින් තීරණාත්මක ජයක්‌ ලබන්නට ආසන්න වන සෑම අවස්‌ථාවකදීම, අපේ මළගම සිදුවන තෙක්‌ තොල කට ලෙවකමින් බලා සිටින, පරගැති, ජාතික සිංහ සම් පොරවා සිටින වෘකයන්ගේද උන්ගේ බත් බැල දේශීය හා ප්‍රාදේශීය ඒජන්ත නරින්ගේත් නරිවාදම් වේදිකාගත වීම ස්‌වභාවිකය. කොළඹත් නොව කොළඹට වී අන්තර්ජාලයට දුර්මත පුරවන ඊනියා ලිබරල් චින්තකයන්ගේත්, හඳ එළියට, සෙවනැල්ලකට පවා බුරා පනින ආණ්‌ඩු පක්‌ෂ හෝ විපක්‌ෂ නිලලත් හා නිල නොලත් වාචාලයන්ගේත් ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස යළි වැඩි වී තිබේ.

බොදුබල සේනාව පිළිබඳ වූ අනේකවිධ අර්ථකථනයන් මේ වන විට ප්‍රධාන ධ්‍රැව දෙකක්‌ වෙත සංකේන්ද්‍රණය වී තිබේ. පිරිසක්‌ විසින් ලබාදෙනු ලබන අර්ථකථනය වන්නේ බොදුබල සේනාව විශේෂයෙන් නෝර්වේ අරමුදලින් යෑපෙන එන්ජීඕවක්‌ය යන්නයි. එම චෝදනාවේ ආදී කර්තෘන් සිතා සිටින්නේ තමන්ට අභිමත නොවන ඕනෑම ආයතනයක්‌ එන්ජීඕ ලේබලය අලවා විනාශ කළ හැකි බවය. මෙම නෝර්වේ චෝදනාව නිතරම අප වෙත එල්ල කරන විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා හට තමා ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව සිටියදී නෝර්වේ මූල්‍ය අනුග්‍රහයෙන් විදේශ සංචාරවල නිර
තවීමේ "වරදට" ජාතියෙන් සමාව ගත් බව අමතක වී ඇත. ඔහුට එසේ කිරීමට සිදුවූයේ 2006 වසරේදී කුමාර් රූබසිංහ සමඟ කළ රූපවාහිනී සංවාදයක්‌ අතරතුරදීය.

ඇත්තෙන්ම 2005 පසු මෙරට එන්. ජී. ඕ කාරයින් කටයුතු කළේ තමන් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට වගකිවයුත්තන් ලෙස සිතා ගෙන නොවේ. ඒ සියලු නීතිරීති කොටින්ම මෙරට මාර්ග නීති පවා නොතකා මනෝරාජික වෙනම රාජ්‍යයක සිටගෙනය. ඔවුන්ගේ මනෝ ලෝකය හා සීමාන්තික සිහිනය එතරම් පුළුල් වී තිබිණි. ජය ගන්නට බැරි යෑයි නියත විවරණදී තිබූ යුද්ධය රණවිරුවෝ ජය ගෙන පෙන්වූහ. ඔවුන්ගේ කටවල් වැසිණි. දැන් යළිත් මේ කෙ¹aපැනියෝ සැඟව සිටි ගුල්වලින් පිටතට පැමිණෙමින් සිටිති. නැත· ඔවුන් ගමන් කරමින් සිටි සිහින අධිවේගී වාහනය මේ සමාජ යථාර්ථය නම් කැඩී බිඳී ගිය පාරේ ගමන් කිරීමට පටන් ගෙන ඇත. සිහිනයෙන් අත්මිදෙන්නට සිදුවූවන්ගේ බලවත් කෝපාවිෂ්ඨ මතවාද සමාජගත කිරීමට පටන් ගෙන ඇත්තේ මේ සමාජයේ සුපේෂල ශික්‌ෂකාමී විනය ගරුක සංහිඳියාව කාබාසිනියා කර දමන අමන රැලක්‌ ලෙස බොදුබල සේනාව උලුප්පා දක්‌වමින් ස්‌වකීය සුචරිතවාදී මහත්මා ගුණය තීව්‍ර වන පරිදිය.

පොදුවේ මෙම තත්ත්වය අතීත සිදුවීම් දෙකක්‌ සිහි ගන්වයි. පළමු වැන්න සියවසකට වඩා පැරණිය. 1818 දී ලංකාණ්‌ඩුවේ මුද්‍රණාලයේ සුපරීක්‌ෂකවරයා ලෙස පත්ව ආ ඩී. ඡේ. ගොගර්ලි නම් කතෝලික පූජකයා මෙරට ක්‍රිස්‌තියානිය ව්‍යාප්තිය සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියා කළේය. බෞද්ධ සමාජයේ නිහඬතාව එහි මළගමෙහි සංකේතය කැයි ඔහු සිතීය. එහෙත් නැඟී ආ බොදු බලය ඉදිරිපිටදී අන්දුන් කුන්දුන්ව ගිය ඔහු හා ඔහුගේ සහචර පිරිස "අවුරුදු පනහක්‌ තිස්‌සේ බුද්ධාගම විනාශ යෑයි අප තුළ වූ සිතිවිල්ල වැරදි යෑයි ඔවුන්ගේ ස්‌වාමිවරුන්ට ලියා යෑවීය. ඔවුන් කෙතරම් වික්‌ෂිප්ත වූයේද යත්" බෞද්ධයන් පුදුම විදිහට උද්යෝගිමත්ය. අපේ අය එක්‌කෝ නාකිය, නැතිනම් ලෙඩ්ඩු" යෑයි කියාද ලන්ඩනයට ලියා යවා ජාතික ව්‍යාපාරය විසින් තම අභිප්‍රායේ මළ බෙරය හඬවා ඇති බව පිළිගත්තෝය. දෙවන සිදුවීම මෑත කාලීනය. දශක ගණනාවක්‌ තිස්‌සේ බෙදුම්වාදය හිඟන්නාගේ තුවාලයක්‌ කරගෙන තිබූ ශ්‍රී ලාංකික දේශපාලනය, මෙරට දේශමාමක ජනතාව විසින් බලකර ඉල්ලා සිටි පරිදි යුදමය විසඳුමකින් බෙදුම්වාදය පැරදවීමත් සමඟම වෙනස්‌ වූයේය. එවිට බෙදුම්වාදයේ නඩත්තුකාර යුද කිරීම අකැපය යන උපාසක බළල් සූත්‍රය සිය පැවැත්මේ තීරණාත්මක සාධකය බවට පත් කරගෙන, අලඡ්ජී සාම සංදර්ශනවාදී චෞර සිවිල් සමාජ අවදි වූයේද මේ ආකාරයටමය. දැන් ඊනියා අන්තවාදයක්‌ ගැන කතා කරන පරිදිම එකල ඔවුහු යුද්ධයේ ආදීනව උලුප්පා දැක්‌වෙන කෙබර විශ්ලේෂණ ජනමතය මොට කිරීමට හා වික්‌ෂිප්ත කිරීමටද යුද්ධය ජය ගත නොහැකි බව කියමින් ත්‍රිවිධ හමුදාව අඩපන කිරීමට කටයුතු කළහ. එකල දේශපාලන අධිකාරියේ අනුසරණින් විටෙක ගුවන් හමුදාව පුහුණු කිරීමටද මේ එන්ජීඕ කාරයෝ එඩිතර වූහ. ජාතික වීරයින් ලෙස අද තමතමන් විසින්ම අභිෂේක කර ගනු ලැබුවා වූ වර්තමාන රජයේ ඇතැම් ඇමැත්තන්ද දක්‌කාගෙන "යුද්ධය නවතනු" යි පෙළපාලි යැමටද කටයුතු කළහ. අද බොදුබල සේනාවේ මතුවීම ඉදිරිපිට කෙරෙන වහසි බස්‌ දෙඩීම්ද ඊටම සමානය.



කරුණු කාරණා නොදැන අපට දෙස්‌දෙවොල් තබන පුද්ගලයින් පවා අපට අන්තවාදී හංවඩුව ගසන මහත්තුරුත් නෝනලාත් අත්තනෝමතික ලෙස සිත්තම් කරගෙන සිටි මනෝ ලෝකය යටින් ඉතා සූක්‌ෂම ලෙස දියත්ව තිබූ බෞද්ධ විරෝධී ව්‍යාපෘති පිළිබඳ වටහා ගැනීමට පටන් ගෙන තිබේ. එයින් මේ මහත්තුරුන්ගේත් නෝනලාගේත්
කලබල වීම කොතෙක්‌ද යත් "දශක තුනක යුද්ධයේ" සජීවී රූප රාමු යළි යළිත් සිහි කැඳවමින් "ඔන්න බොදුබල සේනාව තවත් යුද්ධයකට අර අඳිනවා" යෑයි කීමට පටන් ගෙන තිබේ. තම තමන්ට ඕනෑ දේ ලියවා ගෙන සමාජයේ ජනමත අවකාශයට මුදාහැර මේ සමාජ බලවේගයට එරෙහි ප්‍රබල විකල්ප බලයක්‌ ඇති බව ප්‍රදර්ශනය කරන්නැයි කියා මේ කුලී හේවායින්ගේ හාම්පුතුන් උන් ලගින මුඩුක්‌කු අභියසට මස්‌ කට්‌ටක්‌ දෙකක්‌ විසි කර ඇත. පොතක්‌ දෙකක්‌ පරිවර්තනය කර උපයා සපයා ගත්තා වූ ප්‍රතිරූපයක්‌ සහිත වූවෝද, කෙළවරක්‌ නැති පාවාදීම් අවසන විකල්ප පත්තරකාරයින්, ජනමාධ්‍යවේදීන් ලෙස ස්‌ථාපනය වී සිටින්නෝද, රාජ්‍ය තාන්ත්‍රිකයන්a සේ පෙනී සිටින චෞරයන්ද, දශක ගණනාවක්‌ තිස්‌සේ වල් බිහි වන සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමීන් ලෙස පෙනී සිටින ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ජනනය කළා වූ ඊනියා ලිබරල් චින්තකයින්ද තම තමන් නිදා සිටි සුව නින්දෙන් අනපේක්‌ෂිත ලෙස ඇහැරී ඒ නින්දට බාධා කළා වූ බොදුබල සේනාවේ කාහළ නාදයට අවලාද නැඟීමට පටන් ගෙන ඇත. මේ මතවාදී වහලුන් විසින් දිනාගත් ප්‍රතිරූපය වනාහි ඔවුන්ගේ ප්‍රේක්‌ෂක රැලය. ඒ පාඨක ප්‍රේක්‌ෂක සමූහයා දෙස බලා මේ නව ලිබරල් චින්තකයෝ කිසියම් මනෝ විද්‍යාත්මක රංජනයක්‌ විඳති. ඔවුහු කිසියම් ජනප්‍රියත්වයක්‌ විසින් මෝහනය කරනු ලැබ තිබෙති. දැන් සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ කතා අසා සිටි ප්‍රේක්‌ෂක පිරිස හිඟ වීම හෙවත් තම තමන්ගේ සරුවත් කඩවල් වැසී යන බව ඔවුන් හට තේරුම් යැමය. මෙසේ අලඡ්ජීව ප්‍රකෝප වීම ඉතා සාධාරණ බව අපි අනුකම්පාවෙන් මතක්‌ කරමු.

කොක්‌කෙන් හෝ කෙක්‌කෙන්, හොඳින් නැත්නම් නරකින් ජනප්‍රිය වන ඕනෑම කළු හෝ සුදු සිද්ධියක්‌ ඩැහැ ගැනීමට බක තපස්‌ රකින ජනමාධ්‍ය සංස්‌කෘතියේ "බ්‍රේකින් නිවුස්‌" පිපාසයට අපි කදිම පැන් පොදක්‌ වූ බව දනිමු. බොදුබල සේනාවේ පරමාර්ථවලට එරෙහි සේනාවක සම්පත්වලින් යෑපෙන සමාජ වගකීමකින් තොර ඇතැම් අවස්‌ථාවාදී ජනමාධ්‍යවල පැවැත්ම අපේ තීරණාත්මක සටන් අරගල උණු උණු ජවනිකා නිර්මාණය කළ බවද අපි දනිමු. අප අරගලයට පිළිපන්නේ කැමරාවලට බියෙන් නොවේ. අපි අප නිකුත් කළ සෑම ප්‍රකාශයක්‌ම කළේ දැඩි වගකීමකින් බවද සිහිපත් කරන්නෙමු. ජනමාධ්‍ය වටාපිටාව පිළිබඳ සැලකිලිමත් වීමේදී එදා පානදුරා වාදය පැවති සමයට පර්යාය වටපිටාවක්‌ නිර්මාණය වී ඇති බව පෙනේ. ජනප්‍රිය පානදුරා වාදයත් එතරම් ජනප්‍රිය නොවුවද බද්දේගම ඌරුගොඩවත්ත ගම්පොල හා උදම්විට ආදී ස්‌ථානවල පැවැත්වුණු තවත් වාද හතරක්‌ද සමඟින් මේ වාද කිරීමේ ක්‍රමවේදයට මිගෙට්‌ටුවත්තේ හිමියන් ඇතුළු සෙසු සංඝ පීතෘන් වහන්සේලා අවතීර්ණ වන්නේ ප්‍රධාන වශයෙන්ම සමකාලීන ජනමාධ්‍ය වාතාවරණය සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම සඳහා ඉතා ලඝූ අනුග්‍රහයක්‌ දැක්‌වීමත් බෞද්ධයා සතුව මුද්‍රණ තාක්‌ෂණය නොමැති වීමත් නිසාය. දහනව වන සියවසෙහි අවසන් අර්ධයේදී සීමාවක්‌ නැති ක්‍රිස්‌තියානි මුද්‍රිත ප්‍රකාශනවලින් බෞද්ධ සමාජයට වන බලපෑම නිසා සමකාලීන බෞද්ධ නායකයින් දැඩි තැති ගැන්මකට ලක්‌වූ බව පෙනේ. බඹරැන්දේ රේවත හිමියන් වරෙක ප්‍රකාශ කළ පරිදි අතින් ලියා පොත් පළ කර බෞද්ධයා හට මෙම තත්ත්වයට මුහුණ දිය නොහැකි විය. එහෙත් ලක්‌ෂ සංඛ්‍යාත ඒ ප්‍රකාශන අභිබවා නැඟී ආ ගුණානන්ද හිමියන්ගේ හඬින් මීෂනාරීන් සලිත වූවාහුය. එහෙයින් ඇතැම් ජනමාධ්‍ය ගෙන යන බොදුබල සේනා විරෝධී වැඩපිළිවෙල ගැන අප තුළ අල්පමාත්‍ර හෝ කලකිරීමක්‌ නැත. ගෙයක්‌ ගෙයක්‌ ගාණේ බණක්‌ බණක්‌ ගාණේ සිංහල බෞද්ධයා අවදි කිරීමේ සටනට පණ දීම අපට අසීරු නැත.

සිංහල බුද්ධාගමක්‌ ඇත්දැයි ප්‍රශ්න කිරීමට තරම් සතුරා ශක්‌තිමත් වී ඇතැයි සිතීම ඉඳුරාම නිවැරදි නොවේ. ඇත්තෙන්ම සිදුවී ඇත්තේ සිංහල බුද්ධාගමක්‌ නැතැයි කියා සිංහලයාට ඒත්තු ගැන්වීය හැකි යෑයි සිතන තරමට සිංහලයා පිළිබඳ අකර්මන්‍ය දුර්වල නපුංසක අර්ථකතනයකට ඔවුන් ළඟා වී සිටීමයි. දැන් ඔවුහු ලියති. ලියා අප අඩපණ කළ නොහැකි බැව් වැටහෙත්ම අප අඩපණ කිරීමට වෙනත් පිල්ලිද එවීමට ඉඩ ඇත. අපට කීමට ඇත්තේ "සූදානම් නොවී නොසිටිනු" කියාය. සිංහල බෞද්ධ අනන්‍යතාවයේ අවසානය සඳහා ඔවුහු ක්‍රම දෙකක්‌ අනුගමනය කරති. පළමුව සවිඥානක බෞද්ධ සමාජයේ සිවුවනක්‌ පිරිස විඥාන දූෂණයෙන් හා සංස්‌කෘතික සංහාරයෙන්ද, සිංහල බෞද්ධ තරුණ තරුණියන් මෙන්ම තරුණ භික්‌ෂුන් වහන්සේද ඇද වැටෙන විවිධ උගුල් ඇටවීමෙන්ද මේ කාර්යය සඳහා වෙර දරති. දෙවනුව ක්‌ෂණික නිවන් සිහිනයක්‌ පෙන්නා උග්‍ර වෘතයන් සමාදන් වන පිරිසක්‌ බවට ප්‍රබුද්ධ තරුණ සමාජම පත් කර සමාජයේ සාමාන්‍ය පැවැත්ම හා ක්‍රියාකාරීත්වය, එනම් නිෂ්පාදනය, පෝෂණය, ප්‍රජනනය අකර්මන්‍ය කිරීම සිදුවේ. තම තමන් ජීවත් වන මනෝaරාජික විශ්ව ගම්මානය විසින් ඔවුන් කෙතරම් මෝහනයට පත් කොට ඇත්ද යත් ජාතික ආගමික සෝදාපාළුව ඔවුනට සාමාන්‍ය සංසිද්ධියක්‌ම පමණි. ජනේරුවේ සිට සිංහල අවුරුද්ද ද වෙසක්‌ද ඇතුළුව දෙසැම්බරයේ නත්තලද සමරා වසර හමාර කරන මේ නව සර්වාගමික බෞද්ධයාගේ හෙවත් බොදුබල සේනාව ඉටිපන්දමකට බය කර ගත හැකි යෑයි සිතීමට ඉක්‌මන් වී සිටින පිරිසගේ එකම අභිප්‍රාය හැකි ඉක්‌මනින් සිංහලයාට මාර්ග ඵල අවබෝධ කරදීමය. ඒa අන් කිසිත් සඳහා නොවේ. තම පැවැත්මට කරුමයක්‌ව සිටින සිංහලුන් නිවනට "දක්‌කා" තම තමන්ගේ සිතැඟි ඉටු කර ගැනීමටය.

ඒ සඳහා ඔවුහු ආරෝපනය කරගත් බැතියකින් මේ සමාජයේ ජනමාධ්‍ය වැනි ගාමක බලවේගයන් තම ග්‍රහනයට නතු කර ගැනීමට මුදල් ආයෝජනය කරමින් සිටිති. උපැවිදි වන භික්‌ෂුන් වහන්සේලාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට තරම් මොවුන් ලිබරල්ය. දරුවන් සසුන් ගත කිරීම ඉස්‌සර විදිහට දුව පැන යන එක තහනම් කිරීමක්‌ ලෙස තර්ක කර ඔප්පු කිරීමට තරම් ඔවුන් මානව හිතවාදීය.

මෙම ප්‍රතිගාමී න්‍යායාචාරීන්ගේ ක්‍රමවේදයන්ට අනුව බෞද්ධ භික්‌ෂුන් වහන්සේ නැති නම් සංඝ සමාජය යනු අවශිෂ්ට වෙමින් යන සමාජ සංස්‌ථාවක්‌ විය යුතුය. විහාරස්‌ථාන වැසී යද්දී තවමත් නොවැසී ඇති පන්සලකට වී සිවුපසය, තුන්පසය, දෙපසය එක්‌ පසය දක්‌වා අඩු වී ගියත් මොනවා හෝ කොහෙන් හෝ වළඳන බෝඩිංකාරයන් පිරිසක්‌ විය යුතුය. දානයකට, බණකට, පිරිතකට, පාංශුකුලයකට වඩින බෝධි පූජාවක්‌ පවත්වන පිරිසක්‌ පමණක්‌ විය යුතුය. උන්වහන්සේලාගේ දේශපාලන භාවිතාව හෙවත් සමකාලීන සමාජ ගැටලු සමඟ කෙරෙන අන්තර් ක්‍රියාව සර්වාගමික බණකින් පඩික්‌කම් පිරවීමකින් ඔබ්බට නොයා යුතුයි. උන්වහන්සේලාගේ ගමන් මල්ලක තිබිය හැක්‌කේ බුලත් පයියට අමතරව බණ පොතක්‌ පමණි. ඊට අමතරව ලැප්ටොප් පරිගණකයක්‌, පෙන් ඩ්‍රයිව් එකක්‌ එහි තිබිය නොහැක. උන්වහන්සේලා අන්තර්ජාලයේ සැරිසැරීම අකැපය. එවිට උන්වහන්සේලා අන්තවාදීන් ලෙස හඳුන්වනු ලැබෙත්. විහාරස්‌ථානය යළිත්a සක්‍රිය ප්‍රජා මධ්‍යස්‌ථානයක්‌ වීම රුස්‌සන්නේ නැත. ඔවුන්ට අනුව ආධ්‍යාත්මික විමුක්‌තියකින් මෙපිට ජාතික විමුක්‌තියක්‌ ගැන කතා කිරීමට මිනිසුන් විහාරස්‌ථානයට රැස්‌වීම වැරදිය. පන්සලෙන් ගම ඈත් කිරීමේ ස්‌වකීය අභිලාෂය සඳහා ලොකු කුඩා එන්ජීඕ කාරයින් ඉදිකළ ප්‍රජාශාලා පසු කරගෙන පන්සලට මිනිසුන් පැමිණීමට පටන් ගැනීමේ ආශ්චර්යය ඔවුනට අදහා ගත නොහැකි සෙයකි. අසපු ශ්‍රැතියට හෝන්දු මාන්දු වී "සාදු" කියන බෞද්ධයන්ට මේ ඇත්තන් මනාපය, මාර්ගඵල ලැබීමට අත්වැල සපයන්නට පමණක්‌ නොව මහ ගිරි දඹේ නැඟ ගන්නට, ඕනෑම වයසක උපාසක අම්මෙකුට පාන්දර එකට දෙකට වුව කඨීන පෙරහැරේ වෙහෙසක්‌ නැතිව ගමන් කිරීමට පණ පොවන, සිංහල හටන් කවියේ රිද්මයෙන් උපන් "සාදු සාදු සා....දු" හඬ ඔවුනට අරහංය. කොටින්ම මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, වාරියපොල හා හික්‌කඩුවේ සුමංගල, කුඩාපොල රාහුල පරපුර ඔවුන්ට අන්තවාදීන්ය.

පූර්ව විප්ලවීය රුසියානු සමාජයේ කොම්සමෝලයේ නැති ආයතනික හා ගාමක බලයක්‌ විහාරස්‌ථානය නම් ප්‍රජා මධ්‍යස්‌ථානය සතුය. කොම්සමෝලයට සියලු වත්කම් අතහැර එන සහෝදරවරුන්ගේ මීලිෂියා භටයින්ගේ කොමියුනිස්‌ට්‌ ජීවිතය හා පෞද්ගලික ජීවිතය ගැටෙන සැටිත් එම බොහෝ අවස්‌ථාවලදී පෞද්ගලික අභිලාශයන් ඉදිරියේ ඔවුන්ගේ කොමියුනිස්‌ට්‌ බලාපොරොත්තු හා ප්‍රතිපත්තීන් බිඳ වැටෙන සැටිත් අපි රුසියානු සාහිත්‍යයෙන් අසා ඇත්තෙමු. නමුත් තමන්ගේ සියලු වත්කම් අත්හැර දරු පවුල් මවුපියන් අත්හැර පූර්ණ කාලිකයන්ව සසුන් ගත වූ භික්‌ෂුන් වහන්සේගෙන් සමන්විත ශාසනයේ විප්ලවීය විභවතාව මෙම පණ්‌ඩිතයින්ට වහ කදුරුය. හාමුදුරුවන්ගේ ගුණ දොස්‌ සොයන දුශ්ශීලයන්ටත්, බොදුබල සේනාවේ කන්‍යා භාවය විචාරණ අභිසරුළියන්ටත්, ජාතික නැඟිටීම්වල සුජාත භාවය පරීක්‌ෂා කරන දේශ ෙද්‍රdaහීන්ටත්, මුස්‌ලිම් අන්තවාදය සන්නද්ධ මදි යෑයි කියමින් ඊට සටන් පාඨ සපයන දුරාචාරීන්ටත්, දේශපාලන රස්‌තියාදුකාරයින්ටත් ජනමාධ්‍යවේදීන් යෑයි කියා ගනිමින් සැබෑ ජනමාධ්‍යවේදීන් හට නිගා දෙන දුප්පත් මිනිසුන්ගේ සිත්සතන් සමඟ ජෝගි නටන දේශපාලන රස්‌තියාදුකාරයින්ටත් අප අනුකම්පා කරන්නෙමු. ඊට හේතුව මේ උන් ලබන අවසාන මනුස්‌සාත්මය බැවිණි. එය ඌහුද දනිති. 2081 දී නොව හෙට අනිද්දා වුව ලංකාවේ මහ ජාතිය කවුරුන් වුවද උන්ට කම් නැත. රටක්‌, ජාතියක්‌, ආගමක්‌ පිළිබඳ කැක්‌කුමක්‌ද උන්ට නැත. නියත වශයෙන්ම ඕපපාතිකව ඊළඟ ජන්මයේ පටන්ම අවීචි මහා නරකයක තමන් උප්පාද වන බව දත් අත්ලොස්‌සක්‌ වූ මේ අඥාන මිනිසුන් සමූහය කවදා හෝ තිරිසන් ගත ආත්මයකින් මිදෙන්නේද අපේ පුණ්‍යානුමෝදනාවකින්ම බවද මතක්‌ කරනු කැමැත්තෙමි.

ඒ සටන නොමඟ යෑවීමට අටවා ඇති උගුල් බොරුවළවල් සංඛ්‍යාවද ගණනින් මෙතෙකැයි කිව නොහැක. අපට අපේ අරමුණ කරා සංයමයෙන් ළඟා වනු වෙනුවට ඒ ගමනට සහාසිකව අකුල් හෙලන දසමර සෙන් සමඟ සටන් කිරීමට සිදුවී හෝ සලස්‌වා ඇත. අපේ කාලය ශ්‍රමය අද වැය වන්නේ ඒ සඳහාය කම් නැත. බුදුරජාණන් වහන්සේ ස්‌වකීය අරමුණ වූ ලෝකෝත්තර විමුක්‌තිය කරා මේ වසරේ දුක්‌ විඳින ජනී ජනයා ගෙන යැමේ අධ්‍යාත්මික ගමන ගියේ අනන්ත අප්‍රමාණ තීර්තක ප්‍රහාර මැද ඒවා සාර්ථකව ජය ගනිමින් බව බොහෝ දෙනාට අමතක වීම කනගාටුවට කරුණකි. බෞද්ධ දර්ශනයේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ බොහෝ දෙනා නොදකින එම සත්‍යයන් අපි පසක්‌ කරගෙන සිටිමු. ඔවුන් කියන්නේ බුද්ධාගම රැක ගැනීමට දිවි දුන් ජාතියේ බෝවීම වැරදි බවය. ඒ ජාතියේ බෝවීම වැළැක්‌වීම සඳහා ඔවුන් ලෝකෝත්තර කර "දරුවන් සෑදීම බැඳීම් වැඩිවීම කැ"යි ඔවුන් සාධනය කර තිබේ. ඔවුන්ට අනුව බුද්ධාගමේ විනාශය සඳහා බුද්ධාගමම අපහරණය කිරීම නිවැරදිය. එහෙත් බුද්ධාගමේ ආරක්‌ෂාව සඳහා බුද්ධාගම ගාමක බලවේගයක්‌ ලෙස භාවිත කිරීම වැරදිය. මේ කවර නම් කලියුගයක්‌ද? දිවිහිමියෙන් සටන් කරනු විනා අන් කවර මඟක්‌ දැයි අපි පින්වත් ඔබගෙන් විමසමු.

අප ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්කරුවන් යෑයි අර්ථකතන සපයන, විශේෂයෙන්ම විපක්‌ෂ දේශපාලනඥයින්ටද යමක්‌ මතක්‌ කරදිය යුතුව තිබේ. ඒ මහත්වරුන්ට අනුව නම් අප මේ සිදුකරන්නේ රාජ්‍ය පාලනයේ අකටයුතුකම් නොපෙනෙන ලෙසට ජාතිවාදී "ප්‍රබෝධයක්‌" රට තුළ නිර්මාණය කිරීමය. එසේම ඒ මහත්වරුන්ට අනුව රට තුළ දුගී දුප්පත්කම ඉහවහා ගොසිනි. එහෙත් බඩු මිල ඉහළ දැමීමට එරෙහිව පාරට බැස විරෝධතා පන්දම්පාලි පැවැත්වීම සඳහා විසිපස්‌ දෙනකු එක්‌කාසු කරගැනීම ඔවුනට උගහට වී තිබේ. ඒ හේතුව බඩු මිල ඉහළ යැම මිනිසුන්ට නොදැනීම නොවේ. ඊට විරෝධය පෑමට හෝ එක්‌කාසු වීමට තරම්වත් මේ මහත්වරුන්ගේ දේශපාලන භාවිතාවන් ගැන මිනිසුන් තුළ විශ්වාසයක්‌ නොතිබීමය. ඒ ඔවුන්ගේ ඊනියා විරෝධතා පිටුපස දේශපාලන පරමාර්ථයක්‌ ඇති බැවිණි. මිනිසුන් බොදුබල සේනාව වටා එක්‌ වන්නේ අප පිටුපස දේශපාලන යටි අරමුණක්‌ නොමැති බැවින් බව වගකීමෙන් යුතුව පවසමු. එහෙයින් ඊර්ෂ්‍යාපරවශ ලෙස අපගේ ගමන පිළිබඳ ආඩපාළි කියා තම බංකොලොත් භාවය සඟවා ගැනීමටත්, දැනට සුළු වශයෙන් හෝ ඔවුනට ඇති ජනප්‍රියතාව විනාශ කර ගැනීමටත් ඉක්‌මන් නොවීම ප්‍රඥා ගෝචරය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්
ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි









http://www.gossiplanka.lk/2017/06/lucky-in-question.html



Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Hot Feed

YATHURA Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat