ලබන මස 01දා සිට ලංගම සහ පෞද්ගලික සියලුම බස් රථවල ගාස්තු සියයට 6.28කින් වැඩි කිරීමට කැබිනට්
අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන,
සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20) පැවසීය.
මේ යටතේ අවම බස් ගාස්තුව ද වූ රුපියල් නවය රුපියල් දහය දක්වා වැඩිවන බව ද ඒ මහතා කීය.
මීට අමතරව ලබන වසරේ බස් ගාස්තු සංශෝධනයට පෙර බස් ගාස්තු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව ද ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව ද හෙතෙම පැවසීය.