වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමය සංවිධානය කළ සයිටම් විරෝධී පා ගමන විසුරුවා හැරීමට කොළඹ ලෝටස් පාරේදී ඊයේ (24දා) පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඊයේ පෙරවරුවේ
වෛද්‍ය සිසුන් හා මවුපියන් ඒකාබද්ධව සංවිධාන කොට තිබූ සයිටම් විරෝධී පා ගමන හේතුවෙන් කොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබිණි.
කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ඇරැඹි විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ඇතුළු වීම වළකමින් පොලිස් මාර්ග බාධක යොදා ලෝටස් පාර දෙසින් මාර්ගය අවහිර කොට තිබිණි. පොලිස් මාර්ග බාධක පෙරළමින් ඉදිරියට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී කැරැලි මර්දන නිලධාරීන්ගෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරිණි. එම අවස්ථාව ඡායාරූප ගැනීමට ගිය ලක්බිම ඡායාරූප මාධ්‍යවේදී නිමල්සිරි එදිරිසිංහට එල්ල වූ ජල ප්‍රහාරයකින් බිමට ඇද වැටීමෙන් හිසට බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.