ගංවතුරට විදුලිය කපා ඇති නිසා
ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි
එකම පවුලේ 4ක් ඉබේම මිය යති


පසුගිය දිනවල මොරවක ප්‍රදේශයේ පවතින ගංවතුර තත්වය හේතුවෙන් ඒ අවට රොටුඹ ගම්මානයටද විදුලිය විසන්ධිවී පැවති අතර පවතින ආපදා තත්ත්වය සමනය වනතුරු විදුලිය විසන්ධිය බලපවත්වන බව දන්වා තිබුණි.
මේ හේතුවෙන් ඉන්ධන මිලට ගෙන නිවසේ තිබුණ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවාගෙන සිය දෛනික වැඩකටයුතු සිදුකරන්නට උත්සාහ කළ
රොටුඹ ප්‍රදේශයේ

නිවසක 4 දෙනෙකු අනපේක්ෂිත ලෙස අනතුරට ලක්ව තිබේ.
රොටුඹ ඌරව ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ එනකම පවුලේ මව,පියා,පුතා හා දියණියක මෙම අනතුරින් මියගොස් ඇත. ඔවුන් ජෙනරේටරය ක්‍රියාත්මක කර නිවසේ විදුලි පංකා දමා නිදාසිටි අවස්ථාවක මෙම මරණ වාර්තාවී තිබේ.
මෙම නිවසේ ජෙනරේටරය සවිකර තිබී ඇත්තේ නිවස ඇතුලේය. එය ක්‍රියාත්මක වෙද්දී පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව නිවස ඇතුළේම රැඳී තිබීම නිසා වායු විෂවීමකින් මෙම මරණ සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.
නිවස තුළ ක්‍රියාත්මක කරන ලද විදුලි ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වු වායුව මරණ වලට හේතුවදැයි පරීක්ෂණයක් සිදුකරන්නට නියමිතය.  පොලීසිය පරීක්ෂණ පවත්වයි.