ඕෂධී හේවාමද්දුම 
මිසිස් ටොප් විවාහක රූ රැජිණ වෙයි

පසුගිය 28 වනදා ලැට්වියාවේ පැවති ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමැති විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවෙන් සහභාගී වූ ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම එහි කිරුළ දිනාගත්තා.
මුදල් ගෙවා අයදුම් කර ඉදිරිපත්විය යුතු එම තරගයේ බරපැන සිය සැමියා දැරූ බව
ඇය ස්තූති පූර්වකව සිහිපත් කර තිබුනි. එම තරගය සඳහා සහභාගීවූයේ රටවල් 19 කි.

 මෙම තරගය සඳහා පසුගිය වසරේ ගයාත්‍රී ඩයස් සහභාගී වූ නමුත් ජයග්‍රහණය කළේ නැත.

ජයග්‍රහණයෙන් අනතුරුව ඕෂධී කතා කළ අයුරු වීඩියෝ හා එම තරගයේ ඉසව් අතර ලබාගත් වීඩියෝ දෙකක් පහතින්ම දක්වා ඇත.

Update
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු