මංගලගේ  
‘සපත්තුව ලොකුයි‘ කතාව කරළියට

"මුදල් හා ජනමාධ්‍ය යන භාරධුර අමාත්‍යාංශ මා භාරගත් අවස්ථාවේ මේ සපත්තු කුට්ටම මට ටිකක් ලොකු වැඩිද කියා මාහට බියක් ඇතිවුණා" යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශය මේ වනවිට කතාබහක් ඇති කරවන කාරණාවක් බවට පත්ව තිබේ.
ඔහු එහිදී
තවදුරටත් කියා සිටියේ
"ජේ.ආර්. ජයවර්ධන, රොනී ද මැල්, එන්. එම්. පෙරේරා වැනි මුදල් ඇමැතිවරු දැරූ මුදල් ඇමැති ධුරය මට දැරීමට හැකිවේවිද කියලා මට හිතුණා.
මේ සපත්තු කුට්ටම දාගෙන ගිහිල්ලා මට ඇවිදගන්න බැරිවෙයිද කියලා මට ටිකක් බයක් හිතුණා. ඒ වුණත් ඒ වගකීම දරන්න පුළුවන් වේවිය කියලා මට විශ්වාසයක් ඇතිවුණා.
දූෂණය, අන්තවාදය, ජාතිවාදය යන සියල්ල අපි පිටු දැකිය යුතුයි. අපිට අපේ ආර්ථික සංවර්ධනය ලබා ගැනීමට නම් පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න ඕන.
ශ්‍රී ලංකාව ඉදිරි දියුණුව කරා ගෙන යෑම සඳහා ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික මර්මස්ථානය බවට 2025 පත් කරන බවත් කියන්න ඕන." ලෙසිනි.
මේ ගැන පළවූ කාටූන් නිර්මාණ කිහිපයක් පහතින්