ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශය
යටතේ ඇති ආයතන 3ක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
එ් අනුව
රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව සහ රජයේ චිත‍්‍රපට සංස්ථාව නව ගැසට්
පත‍්‍රයක් මගින් තමන් යටතට පත්කරන ලෙස එ් මහතා ඉල්ලා සිටියි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡුා කොට එ් සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දෙන
බවට එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනමාධ්‍ය විෂය ද මීට පෙර ගයන්ත කරුණාතිලක මහතා යටතේ පැවැති අතර නව කැබිනට් සංශෝධනයෙන්
මංගල සමරවීර මහතා වෙත පැවැරිණි.

(නිමල කොඩිතුවක්කු)