නිරුවතින් ඇවිදයාම
සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ
බත්තරමුල්ලේ ග්‍රීස් යකා


පසුගිය කාලයේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවෙස් ගණනාවක කොල්ලකෑම් හා අතවර වලට සම්බන්ධ බවට සැකකරන ‘ග්‍රීස් යකෙකු‘  ඊයේ 24 තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.
කාන්තාවන් තනිව සිටින නිවෙස් සොයාගෙන ඔහු රාත්‍රී හා අලුයම් කාලයේ එම නිවෙස් වලට රිංගා සිරුරු ස්පර්ශ කිරීම් හා අතවර කිරීම්
සිදු කළ බවට චෝදනා පැවති අතර

ඇතැම් නිවෙස් වල රන් ආභරණ ඇතුළු වටිනා දේ කොල්ලකා පළාගිය බවටද පැමිණිලි තිබිණි.
ඔහු අල්ලාගන්නට කාලයක් තිස්සේ පොලිසිය සෙවුම් කටයුතු කරන අතරවාරයේ මින් මසකට පමණ පෙර කාන්තාවකට අතවර කර පළායද්දී අසළ නිවෙසක සීසීටීවී කැමරාවක ඔහුගේ නිරුවත් සිරුර සටහන්වී තිබුණි.

ඒ අනුව පොලිසිය වැඩිදුර සොයා බැලීමේදී එම පුද්ගලයා එම ආසන්නයේ නිවසක බෝඩිමක පදිංචි අයෙකු බව සොයාගන්නට හැකිවූ අතර ඔහු තලවතුගොඩ පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස දවල් කාලයේ රැකියාව කරන බවත් රෑට මෙම ‘සෙල්ලමේ‘ නිරතවීම විනෝදාංශයක් කරගත් අයෙකු බවත් සොයාගන්නට හැකි විය.

ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු මැදිරිගිරිය ප්‍රදේශය ගම්පළාත කරගත් 29 හැවිරිදි අවිවාහක අයෙකු බවද වාර්තා විය.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා රාත්‍රී කාලයේ මේ ආකාරයට යාම දැන් කලෙක සිටම කරන බවත් කාන්තාවන්ගේ යට ඇඳුම් වලට ආසා කරන බවත්ය. ඔහු පැලවත්තේ නවාතැන්ගෙන සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඇඳක් යට සඟවා තිබුණ කාන්තා යට ඇඳුම් විශාල තොගයක් හා රන් ආභරණ තොගයක්ද හමුවී තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

(වාර්තාව - අයිරංගි එදිරිසිංහ)

ඔහු කොටුකරගැනීම සඳහා උදව් දුන් සීසීටීවී වීඩියෝව පහතින්