බේරාගැනීමේ මෙහෙයුම අතර
ගුවන් හමුදා හෙලිකොප්ටරයේදී ගැබිණි මවක
දරුවකු ප්‍රසූත කරයි
 -දරුවා ලැබුනේ මියගිහින්

විපතට පත්වූවන් බේරාගැනීම සඳහා ගුවන් හමුදාව සිදුකරන මෙහෙයුම අතරදී කලවාන-රත්නපුර අතරතුරදී දැඩි අසීරු තත්ත්වයේ පසුවූ හෘද රෝගියෙකු හා ගර්භනී මාතාවක් ගුවන් මගින් රෝහලට ගෙනගිය අතර එම හෙළිකොප්ටර් යානාව
තුළදීම ගර්භනී මාතාව

දරුවෙකු ප්‍රසූත කළ බව වාර්තා විය.
එම් අයි 17 හෙළිකොප්ටර් යානයක් වෙත එම ගැබිනි මාතාව භාරදී තිබුනේ පොලිසියේ ජීප් රථයකිනි. කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි අපහසුතාවයන්ට ලක්වූ එම ගැබිනි මව දරු උපත සිදු කර ටික වේලාවකට පසුව රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ අතර රෝහලේ වෛද්‍යවරුන් ඇය හා දරුවා පරීක්ෂා කර බලද්දී දරුවා ඉපැදෙන විටත් මියගොස් ඇති බව වාර්තා කර තිබේ.
ඒ අනුව එය මළදරු උපතක් බව රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස් පී ඒ එල් රණවීර දන්වා සිටියේය.කෙසේ වෙතත් මවගේ තත්වය හොඳ අතට හැරී ඇති බවද වාර්තා විය.
ගැබිණි මව ජීප්රථයක නංවා හෙළිකොප්ටරයට යොමු කරන්නට හා රත්නපුර සීවලී ක‍්‍රිඩාංගණය වෙත ගුවනින් රැගෙන ඒමෙන් අනතුරුව රත්නපුර මහ රෝහල වෙත ගිලන් රථයක් මගින් ගෙන යන්නට ආරක්ෂක අංශ හා වෙනත් අය අගය කළ යුතු කැප කිරීමක් සිදු කරන ලදි.