ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා
කළමනාකරණ
මධ්‍යස්ථානය සදහන් කරයි.
පුද්ගලයින් 103 දෙනෙකු අතුරුදන් වී තවත් පුද්ගලයින් 112 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 79 කි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 54 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 24 ක් මේ වනවිට වාර්තාවී තිබේ.
අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 588,082කි.
මේ වනවිට නිවාස 640 ක් සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස ගණන 5329කි.එමෙන්ම ආරක්ෂිත ස්ථාන 368ක පුද්ගලයින් 76,902ක් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
වැඩිම පිරිසක් රඳවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 38,323 ක් වේ.