අම්බලන්තොට, චිත්‍රාගල ප්‍රදේශයේදී ආහාර සිරවීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන කැරට් කැබැල්ලක් සිරවීමෙන් දරුවා මෙම අනතුරට පත් ව ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, අවුරුදු 1යි මාස 3ක පිරිමි දරුවෙකි.
මළ සිරුර හම්බන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට තියමිතව තිබේ