අනුරාධපුර නගරයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකාවන් සැපයුම්
මධ්‍යස්ථාන 6 ක් වටළා
කාන්තාවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධ පොලිසිය කටයුතු කර තිබේ.
අනුරාධපුර ශුද්ධ නගර සීමාවේ මාතලේ හන්දිය,හරිස්චන්ද්‍ර මාවත,පොතානේ ගම සහ ගුවන්තොටුපළ පාරේ මෙම මධ්‍යස්ථාන පැවති බව කියැවේ. සියලුම කාන්තාවන් 20 -45 අතර වයස් වල පසුවිය. ඔවුන් සියලු දෙනාම අනුරාධපුර අවට ගම්වල පදිංචි අය බවද හඳුනාගත හැකිව තිබේ.
අත්අඩංගුවට පත්වූ පසු ඔවුන්ගේ මුහුණු රෙදිවලින් ආවරණය කර පොලිසිය වෙත ගෙනවිත් තිබුනේ පහත ආකාරයටයි.