තම හිතවතුන්ට හිතුමතේ වාහන ඉන්ධන පිරිනමමින් වාහන 90 ක් අවභාවිතා කර රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු කරන ලදැයි රක්ෂිත බන්ධනාගාරයට නියමවූ හිටපු ඇමති විමල් වීරවංශ මහතා එලෙස
බන්ධනාගාරයට
යවා දින 70 ක් ගතවූ තැන නොයෙකුත් කලබල කරමින් උපවාස අරඹමින් දරුවන් රෝහල් ගත කරමින් ඇප ලබාගැනීම වෙනුවෙන් අලුත් සටනක් දියත් කර තිබේ.
මේ අතර දරුවන්ට අසනීප නිසා ඇප ඉල්ලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු යළි ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන ලදි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිතිඥවරුන් විසින් මෝසමක් මාර්ගයෙන් අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර එහි
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය මේ වන විට මානසික අවපීඩනයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පෙන්වා දී ඇත. එම රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සලකා මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා ඇත.
එම ඇප ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ පිළීබඳ සලකා බලන්නට නම් තවත් සතියකුත් දින දෙකක් ඉවසිය යුතු බව සඳහන් කර තිබෙන අතර
තින්දුව අප්‍රේල් මස 03 වන දින ප්‍රකාශයට පත් කරන බව දැනුම්දී තිබේ.