විමල් බන්ධනාගාර රෝහලට මාරු කෙරේ

තමන්ට ඇප ලබාදෙන ලෙස අධිකරණයට බලපෑම් කරමින් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට උපවාසයක් අරඹන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සෞඛ්‍ය තත්වය අයහපත් නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
 අද(26) උදෑසන
ඔහු බන්ධනාගාර
රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් වන චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර පසුගිය 22 වැනිදා සිට විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් උපවාසයක් ආරම්භ කළ පසුව ඔහුගේ දියණිය හා පුතුන් නිවසේ සිට එයට එක්වෙමින් ඔහුට ප්‍රථම රෝහල් ගත විය.
පසුව විමල්ද දැන් රෝහල් ගතව ඇති නමුත් ඔහුගේ ඇප අයදුම සලකා බලන්නට නියමිතව ඇත්තේ ලබන 3 වනදාය.
වෙනත් මැති ඇමතිවරු බන්ධනාගාර ගතවන විටම රෝහලට යන සිරිතක් පසුගිය කාලයේ වාර්තාවුණත් විමල් රෝහලට ඇතුළත් වන්නේ නිරාහාරව සිට සාධාරණ හේතු මුල් කරගෙනය.
කෙසේ වෙතත් ඔහු උපවාසය අරඹන අවස්ථාවේ ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබුනේ ඔහුගේ මේ වෑයම රෝහලකට ඇතුළුවීමට බවයි.