ඇලස්කාවේ අනික් ගම්මානයේ සිට
ඇනකොරේජ් නගරය දක්වා ගමන් ගනිමින් තිබුණ අභ්‍යන්තර මගී ගුවන් යානයක් ගමන් කරමින් සිටින අතර සර්පයෙකු හමුවී කලබලයක් ඇතිව තිබේ.
නිදා සිටි කුඩා පිරිඋමි දරුවෙකු මෙම සර්පයා
සිය සිරුරේ ස්පර්ශ වනු දැක කෑගැසීමෙන් පසු යානයේ ගමන් කළ  අය කලබලවී කෑකෝ ගසා ඇත. පසුව සේවිකාවක මුල්වී ඌව මෙල්ල කර අල්ලා තිබේ. වාසනාවකට විස රහිත සුදුමැලි සර්පයෙකු වූ නිසා කාටවත් කරදරයක් වූයේ නැත. ගමන අතරවාරයේ සර්පයා අල්ලා බෑගයකට දැමූ අතර පසුව ගමන අවසානයේ ඌ කැලයකට මුදාහැර තිබේ.