ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී පවත්වන්නට සැලසුම් කර තිබෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ නිල ලංඡනය බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් එළි දක්වා තිබේ.

එය මෙම ඡායාරූපයේ දැක්වේ.
2017 මැයි 12,13,14 දිනවල මෙම උත්සව මාලාව පවත්වන්නට නියමිතය.
2017 මැයි මස 12 වන
දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වේ.
මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙනු ඇත.
ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගීවනු ඇත.