සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති සාකචිඡාවකදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ කියා සිටියේය.

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලය ඛෙදීම ගැන අවබෝධයක් නැහැ. හැබැයි බලය ඩැහැගැනීමට නම් අවබෝධය තිඛෙනවා. නව ව්‍යවස්ථාවෙි දී බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර, සියළු
ආගම්වලට

සාධාරණත්වය ලබාදීමෙි යෝජනාවක් ඇතුලත්. ඒකීය ආණ්ඩු ක්‍රමයක් යටතේ බලය ඛෙදා හැරෙනවා. යම් පළාත් සභාවක් ඛෙදුම්වාදය ගැන කථා කළහොත් එය විසුරුවා හැරීමෙි බලය මධ්‍යම රජය සතු බවට වූ වගන්තියක් ද ඊට ඇතුළත්. නව ව්‍යවස්ථාවට ද්‍රෝහිකම් කරන්නා දේශද්‍රෝහියෙක්.
ඇල්බට් අයිස්ටයින් වරෙක ප්‍රකාශ කර තිඛෙනවා ඊනියා දේශප්‍රේමියා රෝගියෙක් කියලා. ශරීරය පුරා පැතිර යන සරම්ප රෝගියෙක් ලෙස ඊනියා දේශප්‍රේමියා ඔහු හදුන්වා දී තිඛෙනවා.
හිටපු ජනාධිපතිවරයා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයත් ඒ ආකාරයට සරම්ප රෝගයට ගොදුරු වී ඇති බවයි මට ප්‍රකාශ කරන්නට තිබෙන්නේ.”