අද(19) උදෑසන 7.30 ට පමණ රක්වාන මස්ඉඹුල ප්‍රදේශයේ වයෝවෘද්ධ සහෝදරයින් අතර ආරවුලකින් අවාසනාවන්ත මරණයක් වාර්තා විය.
දෙදෙනා අතර
ඉඩකඩම් සම්බන්ධ මතභේදයක් මත අද උදේ විශාල කථාබහක් ඇතිව තිබෙන අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරගොස් මල්ලී විසින් අයියාට උදැල්ලකින් කොටා ඇත. එම අවස්ථාවේ අයියා වන වනසිංහආරච්චිලාගේ ගුණදාස නමැති 76 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයා මියගොස් තිබේ.
මළ සිරුර ගොඩකවෙල රෝහලේ තැන්පත් කර ඇත.
මල්ලී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රක්වාන පොලිසිය මේ ගැන පරීක්ෂණ සිදු කරයි.