ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරගය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය
හමුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සිදුවූ දුර්වලතගෙැන දිනේෂ් චන්දිමාල්ගේ අදහස මෙසේ විය.

"තරගාවලියේ පළමු තරගයම පරාජයට පත්වීම ගැන කනගාටු වෙනවා. ඇත්තටම අපි තරගය ආරම්භ වෙන්න කලින් හිතුවෙ වෙනදා මෙන් දඹුල්ල ක්‍රීඩාංගණයට රාත්‍රි
කාලයේදී පින්න පතිත වෙයි කියල. කාසියේ වාසිය දිනල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ඒ නිසා. නමුත් අපි හිතපු විදියට වුණේ නෑ. කෙසේ වෙතත් අපි කණ්ඩායමක් විදියට ඉතා ඉක්මනින් දක්ෂතා අතරට පැමිණිය යුතුව තියෙනව කලකට ඉහත ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ස්ථාවර කණ්ඩායමක් බවට පත්ව තියනවා.
ඇත්තටම මම ක්‍රීඩා කරපු මුල් කාලෙ බංග්ලාදේශ කණ්ඩායම අපි පහසුවෙන් පරාජය කළා. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරනව. මම හිතන්නෙ ඒකට ලොකු හේතුවක් තමයි වසර 10ක විතර ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් රැසක් බංග්ලාදේශ කණ්ඩායම සතුව සිටීම.‘