2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ බවට සැක කළ ත්‍රස්ත නායකයා ඇමෙරිකානු ආරක්ෂක අංශ
එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ පක්ටිකාහි බර්මල්හි
වාසය කළ කාරි යෂීන් නමැති ඔහු ඇතුළු තවත් ත්‍රස්ත සාමාජිකයන් තිදෙනකු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස් ඇත.
යෂීන් ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධාන කිහිපයකටම සම්බන්ධ නායකයකු වන අතර අල්කයිඩා සහ ජුන්ඩල්ලා සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාර ගණනාවකටම සහාය ලබා දී තිබේ.
2009 ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හිදී එල්ල කළ ප්‍රහාරයට අමතරව මැරියට් හෝටල් බෝම්බ ප්‍රහාරය සහ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් හට එල්ල කළ ප්‍රහාර පිටුපසද සිටි ත්‍රස්ත නායකයා බව වාර්තා විය.