ඉදිරිපැය 48 තුළදී දිවයින වටා මුහුදු ප්‍රදේශ වල තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුවට
නිවේදනය කරයි.
 ඒ අනුව පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බවත් මුහුදු ප්‍රදේශ විටින් විට  ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.