ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර අද මෙල්බර්න් නුවර
පැවැති විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවුණා.

මුල් ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව ඕවර 20 අවසානයේ කඩුළු 6 ක් ලබා ලකුණු 168 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු 2 ක් ලබාගත් මාලිංග එම කඩුළු පිට පිට පන්දු දෙකකදී ලබාගැනීම විශේෂත්වයක් විය.
ලංකාව පිතිකරණයේ යෙදී කඩුළු 5ක ජයක් ලැබුවේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය අත්කරගනිමිනි. ලංකාව වෙනුවෙන් 52 ක් ලබාගත් ගුණරත්නගේ ඉනිම කැපී පෙනිණි.