මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන අගමැති රනිල් වික්‍රමසිංහට
එරෙහිව එරට වාසය කරන ශ්‍රී ලාංකික පිරිසක් උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

සුරකිමු ලංකා නමැති මෙම සංවිධානය ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ගෙන එන්නට නියමිත ව්‍යවස්ථාවක වගන්ති අහිතකර යයි පවසමින් මෙම විරෝධතාව ගෙන එන්නට නියමිතය.
මෙල්බර්න්හි අගමැතිවරයා හෙට (16) දේශනයක් පවත්වන ස්ථානයක් අසළ මෙල්බර්න්හි ෆෙඩරේෂන් චතුරශ්‍රයේ මෙම සාමකාමී විරෝධතාව පවත්වන බව ඔවුන් ප්‍රසිද්ධ කර තිබෙන පෝස්ටරයෙන් කියැවේ.