රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙනත් අය මෙන් බන්ධනාගාර රෝහලට යාමට උවමනා බව දන්වා නැති අතර ඔහු අනෙක් සිරකරුවන් සමග සිල්
සමාදන් වෙමින් කථාබහ කරමින් රෑට රෑට
පොතක් ලියමින් යහමින් සිර ජීවිතය ගත කරන බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු දන්වා ඇත.
රිමාන්ඩ් සිර මැදිරියට කඩදාසි හා පෑන් ගෙන්වාගෙන දිනපතා රාත්‍රී 12.00 පමණ වන තුරු නිදිවරමින්  විමල් අලුත් පොතක් ලියන බව ඔහුගේ සුවදුක් බලන්නට ඊයේ එහි ගිය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට ද මන්ත්‍රීවරයා පවසා ඇත.
මින් ඉහත ‘විමලසිරි ගම්ලත්‘ නමින් 1980-90 දශකවල විකල්ප පුවත්පත්වලට නිරන්තරයෙන්ම ලිපි ලියූ ජනමාධ්‍ය වෘත්තිකයෙකුවූ විමල්ට පොත් ලිවීම අලුත් වැඩක් නොවන අතර ඔහු මින් ඉහත ජවිපෙන් අස්වුණ අවස්ථාවේ 'නැත්ත වෙනුවට ඇත්ත' නමින් සහ
 මෑතකදී  “යුද්ධය නැති රට යහපාලන‍යෙන් ‍දෙකඩ වන හැටි” යනුවෙන්ද පොත් ලියා ඇත.
මෙවර ඔහු ලියන පොත කවරක් ගැන ලියනවාදැයි දන්වා නැති අතර සුවිශේෂී කරුණු රැසක්‌ එහි ඇතුළත් වන බවත් තමන් බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි පසු මුද්‍රණය කරන බවද පවසා තිබේ.