ඊයේ අධිකරණ නියෝග මත සති දෙකක කාලයක් වැලිකඩ මැගසින්  බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා තබනු ලැබූ පාර්ලිමේන්ත මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ රාත්‍රී සිරබත් කෑවේය.
පසුව අද උදෑසන
සිට එම කෑම හරිනැති බවට බන්ධනාගාර බලධාරීන්ට දන්වා ඇත. ඒ නිසා තමාට පිටතින් ආහාර  ලබා ගැනීම  අවශ්‍ය බැවින් ඒ සඳහා විධිවිධාන යෙදිය හැකිදැයි අසා ඇත. ඒ අනුව පිටින් කෑම ගැනීම අධිකාර වරයාගේ අනුමැතියට යටත් බවට දැන්වීම නිසා ඒ සඳහා එහි අධිකාරිවරයාගෙන් අද (11) ඔහු ලිඛිත ඉල්ලීමක්  කර ඇත.
ඒ අනුව ඔහුට  අදාළ අවසරය අද සිට ලබා දී ඇත. ඒ අනුව ඔහුගේ ආහාර වේල් නිවසේ සිට සකසා බන්ධනාගාරය වෙත රැගෙනවිත් ලබාදෙනු ඇතැයි ප්‍රකාශකයෙක් පැවසීය.