වාහන අවභාවිතාවක් නිසා එෆ්සීඅයිඩී අත්අඩංගුවට පත්වූ හිටපු ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 24 වැනි දා දක්වා රක්ෂිත
බන්ධනාගාර ගත කරන්නට කොටුව
මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කළා.

මෙම නඩුව අවස්ථාවේ විමල් වීරවංශ හා සමන්ත ලොකුහැන්නදිගේ යන අය ඇප ලබාගැනීමට දරුවන්ගේ විභාග ඉස්මතුකර පෙන්වූ අතර වීරවංශ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වය සහ ලොකුහැන්නදිගේ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වයත් සැකකරුවන් දෙදෙනාගේම දියණියන් සාමාන්‍ය පෙළට පෙනී සිටින බවටත්

ලොකුහැන්නදිගේ මහතාගේ දියණියක් උසස් පෙළට මෙවර පෙනී සිටින බවටත් කරුණු දක්වමින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන්
ඉල්ලීමක් කළ අතර සිදු කළ ඉල්ලීම ලබන 24 වැනිදාට සලකා බලන බව මහේස්ත්‍රාත්වරිය කීවාය.