කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඉදිරි දිනවලදී තම මන්ත්‍රී  ධුරයෙන් ඉවත්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි හෙළි කරනවා.

මාධ්‍ය මේ ගැන කළ විමසීමකදී ඔහු කියා සිටියේ නව බලවේගයක් ගොඩනැගීම සඳහා තමන් මන්ත්‍රී ධුරය අත්හරන බවකි.
 මෙම සතියේදී හොරණ නිදහස් පක්ෂ මධ්‍ය බල මණ්ඩලය කැඳවා ඇති බවද එහිදී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවද මන්ත්‍රිවරයා කියා තිබේ. විදුර වික්‍රමනායක මහතා පසුගිය සමයේ ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධවී කටයුතු කළ අයෙකි.